වසරේ ගතවූ කාලය තුළ වෙඩි තැබීම් 27කින් පුද්ගලයින් 22ක් ජිවිතක්ෂයට
වසරේ මේ දක්වා වෙඩි තැබීම් 18ක්; මරණ 13ක්
වසරේ ගතවූ කාලසීමාව තුළ සිදුවූ වෙඩි තැබීම්වලින් පුද්ගලයින් 22 දෙනෙකු මියගොස් තිබේ.
වාර්තා වී ඇති සමස්ත වෙඩි තැබීම් සංඛ්‍යාව 27කි.
පොලීසිය සඳහන් කළේ, ඉන් 18ක් සංවිධානාත්මක අපරාධකරුවන් කළ වෙඩි තැබීම් බවයි.
සංවිධානාත්මක අපරාධ හේතුවෙන් වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 19කි.
මෙම වසරේ සිදුවූ වෙඩි තැබීම් හේතුවෙන් 13 දෙනෙකු තුවාල ලබා තිබේ. එහිදී සංවිධානාත්මක අපරාධකරුවන් කළ වෙඩි තැබීම් හේතුවෙන් පුද්ගලයින් 8 දෙනෙකු තුවාල ලබා ඇතැයි පොලීසිය සඳහන් කළේය.
ආසන්නතම සිදුවීම පසුහිය සිකුරාදා (21) රාත්‍රියේ වාර්තා වූයේ, දෙවිනුවර ප්‍රදේශයෙන්ය.
එහිදී වෑන් රථයකින් පැමිණි පිරිසක් කළ වෙඩි තැබීමකින්, යතුරු පැදියකින් ගමන් කළ තරුණයින් දෙදෙනෙකු මිය ගියේය.
සිද්ධිය සම්බන්ධයෙන් කාන්තාවක් ඇතුළු සැකකරුවන් ගණන, 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.




