අතුරු සම්මත ගිණුමේ මුදල් අවලංගු කෙරේ

0
අතුරු සම්මත ගිණුමේ මුදල් අවලංගු කරයි

අතුරු සම්මත ගිණුමේ මුදල් අවලංගු කරයි

මේ වසරේ පළමු මාස 04 සඳහා අතුරු සම්මත ගිණුම මගින් වෙන් කෙරුණු ප්‍රතිපාදනවල ඉතිරි මුදල් අවලංගු කිරීමට මුදල් අමාත්‍යංශය තීරණය කර තිබේ.

ඊට අදාළ චක්‍රලේඛය මුදල් අමාත්‍යංශ ලේකම්වරයා විසින් ඊයේ(23) දිනයේ නිකුත් කර ඇති බව වාර්තා වෙයි.

2025 වර්ෂයේ පළමු මාස 04 සඳහා රජයේ වියදම් පියවීම සඳහා රුපියල් බිලියන 1,402ක අතුරු සම්මත ගිණුමක් පසුගිය දෙසැම්බර් මස 06 වන දින නව රජය විසින් පාර්ලිමේන්තුවේ දී සම්මත කරගනු ලැබීය.

කෙසේවෙතත් 2025 වර්ෂයට අදාළ විසර්ජන පනත් කෙටුම්පත පසුගියදා පාර්ලිමේන්තුවේ දී සම්මත වීමත් සමග මෙම වර්ෂය තුළ වියදම් දැරීම සඳහා අධිකාරී බලය ලබාදෙමින් මුදල් අමාත්‍යංශය විසින් රාජ්‍ය වියදම් කළමනාකරණය සම්බන්ධයෙන් නව චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

එම චක්‍රලේඛයට අනුව මෙවර අයවැය මගින් ක්‍රියාත්මක කිරීමට යෝජිත වියදම් යෝජනා මගින් අපේක්ෂිත ප්‍රතිඵල නියමිත කාලරාමුවක් තුළ මහජනතාව වෙත ලබාදීම සහතික කිරීම අරමුණු කරගනිමින් මෙම චක්‍රලේඛය නිකුත් කර ඇති බව වාර්තා වෙයි.

සියලු අමාත්‍යංශ ලේකම්වරුන්, පළාත් සභා ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, දිස්ත්‍රික් ලේකම්වරුන්, රාජ්‍ය සංස්ථා ව්‍යවස්ථාපිත මණ්ඩල සභාපතිවරුන් වෙත එම චක්‍රලේඛය නිකුත් කර ඇති බව සඳහන්ය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com