වැඩ තහනමට ලක්වී සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඊයේ දින (20) යළිත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු අප්‍රේල් 3 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
2023 වසරේ වැලිගම පැලෑන ප්‍රදේශයේ හෝටලයක් අසල සිදුවු වෙඩිතැබීමේ සිද්ධියකට අදාළව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර සිටි දේශබන්දු තෙන්නකෝන් මහතා, දින 20ක කාලයක් සැඟව සිට ඉකුත් බදාදා (19) දිනයේ මෝසමක් ඉදිරිපත් කරමින් අධිකරණයට භාරවුණි.
ඒ අනුව සැකකාර දේශබන්දු තෙන්නකෝන් මහතා ඊයේ (20)දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට මාතර මහෙස්ත්‍රාත්වරයා ඉකුත් බදාදා දින(19) නියෝග කර තිබුණි.
අදාළ නියෝගයට අනුව දේශබන්දු තෙන්නකෝන් මහතා බදාදා (19) පස්වරුවේ අගුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ විශේෂ ආරක්ෂාවක් යටතේ රඳවා තිබුණි.
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සේවය අත්හිටුවනු ලැබු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඊයේ (20) දිනයේ යළි මාතර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණේ ඒ අනුවය.
About The Author
Related

එවකට වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු නිලධාරීන් 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි මාතර මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. ඒ 2023 වසරේ දෙසැම්බර් 31 වනදා මාතර වැලිගම පැලෑන ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමකට අදාළවය. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා, "වැලිගම පොලීසියේ නිලධාරීන්…
In "දේශීය පුවත්"

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට විදේශගතවීම වළක්වාලමින් මාතර මහෙස්ත්‍රාත් අධිකරණය විසින් විදෙස් ගමන් තහනමක් පනවා තිබේ. මෙම නියෝගය නිකුත් කර ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුවය. මාතර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත්තේ, පසුගිය 2023 දෙසැම්බර් 31වනදා මාතර, වැලිගම පැලෑන ප්‍රදේශයේ W 15 හෝටලය ඉදිරිපිට සිදුවූ වෙඩි තැබීමේ…
In "දේශීය පුවත්"

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයේ රාජකාරී කිරීම වළක්වාලමින් පනවා තිබෙන අතුරු තහනම් නියෝගය ඉවත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු අතරමැදි පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ බදාදා දිනයේ (18) ප්‍රතික්ෂේප කර තිබෙනවා. පූජ්‍ය බෙල්ලන්විල ධම්මරතන හිමි, මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමි සහ කොටපිටියේ රාහුල හිමියන් විසිනුයි මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබෙන්නේ.
In "දේශීය පුවත්"