ගාසා යුද්ධ­යට එරෙ­හිව ඊශ්‍රා­යල ජන­තාව වීදි බසිති

0
ගාසා යුද්ධ­යට එරෙ­හිව ඊශ්‍රා­යල ජන­තාව වීදි බසිති

ගාසා යුද්ධ­යට එරෙ­හිව ඊශ්‍රා­යල ජන­තාව වීදි බසිති

ගාසා යුද්ධය යළි ආරම්භ කිරීම හේතු­වෙන් ඊශ්‍රා­යල ජන­තාව අග­මැති බෙන්ජ­මින් නෙත­න්යා­හුට එරෙ­හිව ඉකුත් බදාදා දිනයේ(19) එරට පාර්ලි­මේ­න්තුව ඉදි­රි­පිට විරෝ­ධ­තා­වක නිර­තවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉකුත් අඟහරුවාදා දිනයේ (18) ගාසා තීර­යට ඊශ්‍රා­යල හමු­දාව අඛ­ණ්ඩව ගුවන් ප්‍රහාර එල්ල කිරී­මෙන් පසු දහස් සංඛ්‍යාත ඊශ්‍රා­යල ජන­තාව එරට පාර්ලි­මේ­න්තුව ඉදි­රි­පිට රැස්වී අග­මැ­ති­ව­ර­යාට චෝදනා එල්ල කළ බව විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කරයි.

ටෙල් අවීව් සහ ජෙරු­ස­ලම අතර අධි­වේගී මාර්ගයද වැටලූ ජන­තාව හමාස් සංවි­ධා­නය සමඟ නැවත සටන් විරාම ගිවි­සුම ක්‍රියා­ත්මක කර­මින් ප්‍රාණ ඇප­ක­රු­වන් නිද­හස් කිරී­මට පිය­වර ගන්නා ලෙස ඊශ්‍රා­යල රජ­යට බල­පෑම් කළ බවද වාර්තා වේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com