2024 වසරේ ශ්‍රී ලංකා ආර්ථිකයේ 5%ක වර්ධනයක්

0
2024 වසරේ ශ්‍රී ලංකා ආර්ථිකය 5%ක වර්ධනයක්

2024 වසරේ ශ්‍රී ලංකා ආර්ථිකය 5%ක වර්ධනයක්

2024 වර්ෂයේ දී දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධන වේගය 2023 වර්ෂයට සාපේක්ෂව 5%ක ධන වර්ධනයක් අත්පත් කර ගෙන ඇති බව, 2024 වර්ෂය සඳහා ජාතික ගිණුම් ඇස්තමේන්තු නිකුත් කරමින් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව අනාවරණය කරයි.

මේ සම්බන්ධයෙන් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් මෙසේ කියා සිටී. 2022 සහ 2023 වර්ෂයන් හි පසුබැසීම් වාර්තා කළ ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය 2024 වර්ෂයේ දී ධන වර්ධනයක් වාර්තා කර ඇත.

එහි දී 2024 වර්ෂයේ සිව්වන කාර්තුවද ධන වර්ධනයක් වාර්තා කර ඇත්තේ 2023 වර්ෂයේ තෙවන කාර්තුවෙන් ඇරඹි කාර්තුගත ආර්ථික වර්ධන වේගය ධන වර්ධනයක් වාර්තා කිරීමේ තත්ත්වය අඛණ්ඩව අත්දුටු සයවන කාර්තුව බවට පත්වෙමිනි. ආර්ථිකයේ මෙම සුබවාදී තත්ත්වය සඳහා පහසුකම් සපයමින් සහ ඉන් වාසි ලබමින් අපනයන සහ ආනයන පරිමා දර්ශක සැලකිය යුතු වැඩිවීම් 2024 වර්ෂය පුරාම වාර්තා කර ඇත්තේ ශ්‍රී ලංකාවේ වරායන් තුළ බහාලුම් හැසිරවීම් සම්බන්ධයෙන් ද ඉහළ වර්ධනයක් වාර්තා කරමිනි.

විශේෂයෙන්ම 2024 වර්ෂයේ අවසාන කාලයේ දී දේශීය මුදලේ විදේශ අගය ස්ථාවර වීමේ ඉහළ ප්‍රගතියක් නිරීක්ෂණය කළ හැකි වූ අතර එහිදී 2024 වර්ෂයේ සිව්වන කාර්තුවේ දී භාණ්ඩ ප්‍රවාහන වාහන සහ ඉඩම් වාහන (කෘෂිකාර්මික වාහන) ලියාපදිංචි කිරීමේ වැඩිවීමක් දැකිය හැකිවිය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com