රුපියල් මිලියන 3.8 කට වැඩි වටිනාකමක් සහිත සහල් තොගයක් රාජසන්තක කරයි

රුපියල් මිලියන 3.8 කට වැඩි වටිනාකමක් සහිත සහල් තොගයක් රාජසන්තක කරයි
රුපියල් මිලියන 3.8කට වැඩි වටිනාකමක් සහිත සහල් තොගයක් රාජසන්තක කළ බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය සදහන් කරයි.
එම අධිකාරිය විසින් පසුගිය මස කොළඹ 12, පරණ යොන් වීදිය පිහිටි ෆර්වින් ට්‍රේඩර්ස් නමැති ආයතනයේ සිදුකරන ලද වැටලීමකදී කීරි සම්බා සහල් තම සන්තකයෙහි තබාගන නොමැති බව ප්‍රකාශ කිරීම සම්බන්ධව එම වෙළෙදසැලෙහි හිමිකරු වන අබ්දුල් ජබ්බාර් මොහොමඩ් සීයාස් සහ එහි කළමනාකරු වන කුරුප්පන් මුරුගයියා යන අයට එරෙහිව පසුගිය මස 11 වැනිදා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයහි (අංක 5) නඩු පවරා තිබුණි.
අදාල නඩුවේදී ඉහත පුද්ගලයන් විසින් පෙබරවාරි මස 11 වැනිදා වරද පිළිගැනීමෙන් පසුව අධිකරණය විසින් එක් පුද්ගලයෙකුට රුපියල් 10000බැගින් රුපියල් 20000ක දඩ මුදලක් නියම කරන ලදී. එහිදී එම වෙළදසැලේ සගවා තබා තිබියදී සොයාගත් කීරි සම්බා සහල් කිලෝ 5 ඇසුරුම් 3000ක්ද නිලධාරීන් විසින් අධිකරණය වෙත ඉදිරිපත්කර තිබු අතර (18) අධිකරණය විසින් රුපියල් මිලියන 3.8කට වැඩි වෙළෙඳපල වටිනාකමක් සහිත එම සහල් තොගය රාජසන්තක කරනු ලැබීය.
පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පනතට අනුව භාණ්ඩ තම සන්තකයේ තබාගෙන නොමැතිබව ප්‍රකාශ කල අවස්ථාවක අදාල වෙලෙන්දා වැරදිකරු වූවහොත් ඊට අදාල භාණ්ඩ තොගය රාජසන්තක කිරීමට අධිකරණයට හැකියාව පවතී.