ගෝඨාභය දුන්න රැඳවුම් නියෝගයක් නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්

0
ගෝඨාභය දුන්න රැඳවුම් නියෝගයක් නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්

ගෝඨාභය දුන්න රැඳවුම් නියෝගයක් නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්

2020 වසරේ හෙරොයින් මත්කුඩු සන්තකයේ තබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කාන්තාවක් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගෙන විමර්ශනය කිරීම සඳහා එවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිකුත් කරනු ලැබූ රැඳවුම් නියෝගය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (18) තීන්දු කර තිබෙනවා.

මෙම මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම වෙනුවෙන් රජය විසින් රුපියල් ලක්ෂයක වන්දියක් පෙත්සම්කාරියට ගෙවිය යුතු බවයි තීන්දුවේ සඳහන් වන්නේ.

2020 වසරේ පෑලියගොඩ විශේෂ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබූ කාන්තාවකයි මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com