මාතර ක්‍රිකට් ක්‍රීඩාංගණ යෝජනාව ගැන යළි විමසා බැලීමක් සිදු කළ යුතුයි – රොෂාන් මහනාම
 
                මාතර ක්‍රිකට් ක්‍රීඩාංගණ යෝජනාව ගැන යළි විමසා බැලීමක් සිදු කළ යුතුයි - රොෂාන් මහනාම
මාතර පොල්හේන ප්‍රදේශයේ ඉදිකිරීමට සැලසුම් කරන ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් යළි විමසා බැලීමක් සිදු කළ යුතු බව හිටපු ක්‍රිකට් ක්‍රීඩක රොෂාන් මහනාම පවසයි.
ඒ සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමිනි.
මාතර පොල්හේන ජාත්‍යන්තර ක්‍රිකට් පුහුණු පාසල හා ක්‍රීඩාංගණය ඉදිකිරීම සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් අතර පසුගියදා පැවැත්විය.
එහිදී තීරණය කෙරුණේ ඊට අවශ්‍ය මූලික කටයුතු මාසයක් තුළ නිම කිරීමටය.
එවන් පසුබිමක ජාතික ක්‍රීඩා සභාවේ සමාජිකයෙකු මෙන්ම හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන රොෂාන් මහානම මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් පැවසුවේ මෙවැනි මෙගා ව්‍යාපෘතිවල පසුපස ඇති අරමුණු සහ අභිප්‍රායන් පිළිබඳ ප්‍රශ්න කළ යුතු බවය.
වර්තමානයේ අවශ්‍යතාව වන්නේ නව ක්‍රීඩාංගණ ඉදිකිරීම සඳහා මුදල් වැය කිරීම නොව පාසල් ළමුන්ගේ ක්‍රිකට් කුසලතා වැඩිදියුණු කිරීමට දැනට පවතින පහසුකම් වැඩි දියුණු කිරීමට ජාතික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම බව රොෂාන් මහානාම මෙහෙදි පෙන්වා දෙයි.

 
                                            


