2025 වසරේ පදිංචි වීමට ලොව සුදුසුම රට බවට ‘ශ්‍රී ලංකාව’

2025 වසරේ පදිංචි වීමට ලොව සුදුසුම රට බවට ‘ශ්‍රී ලංකාව’ පත්වෙයි
ලොව ප්‍රකට සංචාරක සඟරාවක් වන සී.එන් ට්‍රැවලර් (Condé Nast Traveler) සඟරාව මගින් 2025 වසරේ පවුල් වශයෙන් සංචාරය කිරීමට මෙන්ම දූවා දරුවන් සමග පදිංචි වීමට ලොව සුදුසුම රටවල් 10 අතර පළමු ස්ථානයට ශ්‍රී ලංකාව තෝරා ගෙන තිබේ.
බ්‍රිතාන්‍ය කේන්ද්‍රකරගත් Condé Nast Traveler ලොව ප්‍රකට සුඛෝගභෝගි සංචාරක සගරාවකි.
Condé Nast Traveler විසින් නිකුත් කරන ලද නව වාර්තාවක් මගින් 2025 දී පවුලකට එක්ව සංචාරය කලහැකි ලොව හොදම ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාව තොරා ගෙන ඇත.
2025 වසරේ මාර්තු මස නිකුත් කල කලාපයට අනුව රටවල් 82 නිර්නායක 24ක් ඔස්සේ සලකා බලා තිබේ.
ස්විඩනය හා නොර්වේ පිලිවෙළින් දෙවන හා තෙවන ස්ථානයට පත්ව තිබේ. පළමු ස්ථාන 10ට ඇතුලත් එකම ආසියානු රට වන්නේද ශ්‍රීලංකාවයි. එසේම නවසීලන්තය, අයිස්ලන්තය, ජර්මනිය, ෆින්ලන්තය, ඩෙන්මාර්කය, ඕස්ට්‍රේලියාව සහ අමෙරිකාව පිළිවෙලින් අනෙකුත් ශ්‍රේණිගත කිරීම්වලට පැමිණ තිබේ.
තම පවුලත් සමග වෙනත් රටකට සංක්‍රමණය වීමේදී කරුණු රාශියක් සළකා බැලිය යුතු බව සී.එන් ට්‍රැවලර් සඟරාව පවසයි.
සංක්‍රමණය වන රටේ සංස්කෘතිය කෙබඳුද?, රැකියාවක් සොයා ගැනීම කෙතරම් පහසුද?, සම්බන්ධ වන ප්‍රවාහන පහසුකම් කෙබඳුද? යන ප්‍රශ්න වලට සංක්‍රමණය වීමට පෙර පිළිතුරු ලබාගත යුතු බවත් එපමණක් නොව සංක්‍රමණය වන රටේ සෞඛ්‍ය, ආරක්ෂාව සහ අධ්‍යාපන පද්ධතිය කෙබඳුද යන ප්‍රශ්න වලටද පිළිතුරු සෙවිය යුතු බව සී.එන් ට්‍රැවලර් සඟරාව ප්‍රකාශ කර තිබේ.
මෙරට ඇති ජෛව විවිධත්වය, ජාතික වනෝද්‍යාන, මනරම් වෙරළ තීරයන්, රසවත් ආහාර, අති විශිෂ්ට සාප්පු සවාරි අත්දැකීම්වලටද ලංකාව ඉමහත් ප්‍රසිද්ධියක් උසුළන බවද සී.එන් ට්‍රැවලර් සඟරාවෙන් පෙන්වා දී ඇත.