ඊ සිගරට් භාවිත කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට පියවර

0
සුරාබදු දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය වෙයි

සුරාබදු දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය වෙයි

වේප් හෙවත් ඉලෙක්ට්‍රොනික (ඊ) සිගරට්ටුව නීතිවිරෝධී බව මුදල් කාරක සභාවේදී අනාවරණය කෙරුණි.

ඒ අනුව එය නියාමනය සඳහා මේ වනවිට වැඩපිළිවෙලක් සකස් කර ඇති බවත් ඉලෙක්ට්‍රොනික සිගරට් භාවිත කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවත් සුරා බදු දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර, සිගරට් සඳහා පනවා ඇති ආයතනික ආදායම් බද්ද අප්‍රේල් මස 1 වනදා සිට 45%ක් දක්වා ඉහළ දැමීමට තීරණය කර තිබෙයි.

මුදල් කාරක සභාවේදී අදහස් දක්වමින් මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, ආචාර්ය කපිල සේනානායක මේ බව කියා සිටියේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *