විදුලි බල මණ්ඩලයට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

0
ලංකා විදුලිබල මණ්ඩලය අත් කරගත් ජයග්‍රහණය

ලංකා විදුලිබල මණ්ඩලය අත් කරගත් ජයග්‍රහණය

ලංකා විදුලිබල මණ්ඩලය මගින් විදුලි සැපයුම් ලබා දීමේදී පාරිභෝගිකයින්ගෙන් ලබා ගන්නා සුරක්ෂිත තැන්පතු මුදල් සඳහා ගෙවිය යුතු වාර්ෂික පොලී මුදල් පාරිභෝගිකයින් වෙත ගෙවීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලංකා විදුලි බල මණ්ඩලයට නියෝග කර තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලය විසින් 2024 ජනවාරි 30 වැනි දින අධිකරණයට ඉදිරිපත් කර ඇති මෝසමේ සඳහන් ආකාරයට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ගෙවනු ල‍බන 11.67%ක වාර්ෂික පොලිය ගෘහස්ථ විදුලි පාරි‌‌භෝගිකයන්ට මෙන්ම අනෙකුත් විදුලි පාරිභෝගියන්ට ගෙවිය යුතු බවටද එස් තුරෙයි රාජා, සෝභිත රාජ කරුණා යන මහත්වරුන් ඇතුළු ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියෝග කළේය.

ලංකා විදුලි බල පනතේ 28/3 පනත ප්‍රකාරව ලබාගෙන ඇති වාර්ෂික පොලී මුදල පාරිභෝගියන්ට ගෙවන ලෙසට විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති පාරිභෝගියන්ගේ සංගමය, එම සංගමයේ සභාපති මහේෂ බණ්ඩාර ඉලංගසිංහ හා ලේකම් ප්‍රසාද් භාතිය අමරකොන් යන මහත්වරුන් විසින් ගොනු කර තිබුණු මූලික අයිතිවාසිකම් පෙත්සම අද(28) කැදවූ අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මෙම නියෝගය කළේය.

විදුලි සහ බලශක්ති අමාත්‍යවරයා එම අමාත්‍යාංශයේ ලේකම්වරයා මහජන උපයෝගිතා කොමිෂන් සභාව හා නීතිපතිවරයා එම පෙත්සම් වල වග උත්තරකරුවන් ලෙස නම් කර තිබුණි.

පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් ආචාර්ය ජ්‍යෙෂ්ඨ නීතිඥ චන්ද්‍රනාත් දාබරේ මහතා පෙනී සිටි අතර වග උත්තරකරුවන් වෙනුවෙන් රජයේ අධිනීතීත්‍ය සුරේකා අහමද් මහත්මිය පෙනී සිටියා‌ය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com