හිටපු ජනපතිවරුන්ගේ විදෙස් සංචාර වියදම් ගැන අනාවරණයක්

0
හිටපු ජනපතිවරුන්ගේ විදෙස් සංචාර වියදම් ගැන අනාවරණයක්

හිටපු ජනපතිවරුන්ගේ විදෙස් සංචාර වියදම් ගැන අනාවරණයක්

හිටපු ජනපතිවරුන් විදෙස් සංචාර සඳහා වැය කළ මුදල් සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අද (27) පාර්ලිමේන්තුවේදී අනාවරණයක් සිදු කළා.

ඒ අනුව 2010 සිට 2014 දක්වා කාලය තුළ මහින්ද රජපක්ෂ මහතා වෙනුවෙන් වසර 04ක් සඳහා දරා ඇති වියදම රුපියල් මිලියන 3,572ක්.

2015 සිට 2019 දක්වා කාලය තුළ මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් මිලියන 384ක් වැය කර තිබෙනවා.

2020 සිට 2022 දක්වා කාලය තුළ ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් මිලියන 126ක් වැය කර ඇති අතර 2023 සිට 2024 දක්වා කාලය තුළ රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් මිලියන 533ක් වැය කර ඇති බව සඳහන්.

2024 සැප්‍තැම්බර් සිට 2025 පෙබරවාරි දක්වා කාලය තුළ වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙනුවෙන් දරා ඇති මුදල රුපියල්මි ලියන 1.8ක්.

2010 සිට 2025 දක්වා වැඩිම වියදම දරා ඇත්තේ, 2013 වසරේදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් වන අතර එය රුපියල් මිලියන 1,144ක් බව අගමැතිනිය වැඩිදුරටත් පැවසුවේ.

මෙරට පැවතුණු දේශපාලන සංස්කෘතිය තුළ විදෙස් සංචාර අවභාවිතා කර ඇති බවත් ඉදිරියේදි මෙය වෙනස් කිරීමට කටයුතු කරන බවද අගමැතිවරිය එහිදී ප්‍රකාශ කළා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com