සුරාබදු දෙපාර්තුමේන්තුවේ පුරප්පාඩු සදහා නව නිලධාරීන් 134 දෙනෙකු

0
සුරාබදු දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය වෙයි

සුරාබදු දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය වෙයි

සුරාබදු දෙපාර්තුමේන්තුවේ දැනට තිබෙන පුරප්පාඩු පුරවා ගැනීම සදහා අලුතින් නිලධාරීන් 134 දෙනෙකු මාර්තු මාසයේදී බදවා ගන්නා බව අතිරේක සුරාබදු කොමසාරිස් ජෙනරාල් රෝහණ සේනාරත්න මහතා පවසයි.

මෙසේ බදවා ගන්නා නිලධාරින් අතර සුරාබදු පරීක්ෂකවරුන් 34 දෙනෙකුද, නියාමකවරුන් 100 දෙනෙකුද ඇතුළත්වේ.

දැනටමත් මේ අය විභාගය ලියා සමත්වී ඇති අතර ඉදිරියේදි පරීක්ෂණයක් පවත්වා පත්විම් ලිපි ලබාදීමට සැළසුම් කර ඇත.

මෙසේ පත්වීම් ලිපි ලබාදීමෙන් පසුව නවක නිලධාරීන් හට මාස තුනක පුහුණුවක් සදහා පනාදරගම අභ්‍යාස විද්‍යාලයට යොමු කිරීටමද නියමිතය.

පුහුණුව සාර්ථකව අවසන් වු පසු මෙම නිලධාරීන් සුරාබදු දෙපාර්තුමේන්තුවේ රාජකාරි සදහා යෙදවීමට නියමිතය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *