දෙකෝටි තිස් ලක්ෂයක කුෂ් මත්ද්‍රව්‍ය සමඟ විදේශිකයෙකු අත්අඩංගුවට

දෙකෝටි තිස් ලක්ෂයක කුෂ් මත්ද්‍රව්‍ය සමඟ විදේශිකයෙකු අත්අඩංගුවට
රුපියල් දෙකෝටි තිස් ලක්ෂයක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය සමඟ ඉන්දීය ජාතිකයෙකු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශ කටුනායක ගුවන්තොටුපොළ ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අද (24)දහවල් කාලයේ කටුනායක ගුවන්තොටුපොළේ පැමිණීමේ පර්යන්තයේදීයි මෙම සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත්තේ.
සැකකරු සතුව තිබී ගංජා මිශ්‍ර කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ 01 ග්‍රෑම් 908ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
ඔහු බැංකොක් සිට මෙරටට ගුවන් මගින් පැමිණ ඇති අතර සැකකරු වයස අවුරුදු 73ක් වන ඉන්දීය ජාතිකයෙක්.
සැකකරු විසින් මෙම කුෂ් මත්ද්‍රව්‍ය කුඩා පංචින් බෑගයක් තුළ සුක්ෂම ලෙස අසුරා රසකැවිලි පැකට් අතර සඟවාගෙන පැමිණිමේදීයි මෙසේ අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශ ගුවන්තොටුපොළ ඒකකය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.