රාජ්‍ය සේවයේ බඳවාගැනීම් 2,003ක් සඳහා කැබිනට් අනුමැතිය

0
කැබිනට් අනුකමිටු දෙකක් ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය

කැබිනට් අනුකමිටු දෙකක් ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය

රාජ්‍ය සේවයේ බඳවා ගැනීමේ ක්‍රියාවලිය සමාලෝචනය කිරීම සහ කාර්ය මණ්ඩල කළමනාකරණය සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස පත් කරන ලද කමිටුවේ නිර්දේශ රාජ්‍ය සේවයේ බඳවා ගැනීමේ ක්‍රියාවලිය සමාලෝචනය කිරීම සහ කාර්ය මණ්ඩල කළමනාකරණය සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා අග්‍රාමාත්‍ය ලේකම්ගේ ප්‍රධානත්වයෙන් පත් කරන ලද නිලධාරි කමිටුවේ දෙවන වාර්තාව ඉදිරිපත් කර තිබෙයි.

එම වාර්තාව මඟින් අමාත්‍යාංශ 11ක් යටතේ පවතින ආයතනවල සහ පළාත් සභා 05ක පවතින පුරප්පාඩු 4,987ක් අතුරින් පුරප්පාඩු 2,003ක් සඳහා බඳවා ගැනීම් සිදු කිරීම පිණිස නිර්දේශ ඉදිරිපත් කර ඇත.

මෙම නිර්දේශ ක්‍රියාත්මක කිරීම පිණිස අග්‍රාමාත්‍යතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed