මදසරුභාවය සදහා ප්‍රතිකාර කිරීමේ දී අනුගමනය කළ යුතු මාර්ගෝපදේශන මාලාවක්

මදසරුභාවය සදහා ප්‍රතිකාර කිරීමේ දී අනුගමනය කළ යුතු මාර්ගෝපදේශන මාලාවක්
නල දරු තාක්ෂණය සහ අනෙකුත් වෛද්‍ය විද්‍යාත්මක මදසරුභාවය සදහා ප්‍රතිකාර කිරීමේ දී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග සඳහා වන මාර්ගෝපදේශන මාලාව පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාතෘ හා ළමා සෞඛ්‍ය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චන්දිම සිරිතුංග මහතා විසින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාට පිළිගැන්වීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සිදු විය.
මෙම මාර්ගෝපදේශන මාලාව මදසරුභාවය සදහා ප්‍රතිකාර කරන රෝහල් සහ අනෙකුත් සියලුම සෞඛ්‍ය ආයතන මගින් අනුගමනය කළ යුතු වන අතර, මෙමගින් ප්‍රතිකාර සදහා යොමුවන රෝගීන් සඳහා වඩා ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් සැපයීමට අදහස් කෙරේ.
මෙම මාර්ගෝපදේශන මාලාව අනුගමනය කරන ආයතන, රෝගීන්ට සත්‍ය තොරතුරු සැපයීම, වෛද්‍ය ආචාර ධර්ම අනුගමනය කිරීම, ආරක්ෂිත ප්‍රතිකාර ක්‍රම භාවිතා කිරීම, ඇතිවන අතුරු ආබාධ වාර්තා කිරීම සහ ඒ සඳහා පිළියම් කිරීම වැනි කටයුතු ඉටු කිරීමට බැඳී සිටිය යුතු වේ.
බොහෝ බටහිර සහ ආසියාතික රටවල මදසරුභාවය සදහා ප්‍රතිකාර කරන රෝහල් සහ සෞඛ්‍ය මධ්‍යස්ථාන නියාමනය කිරීමට ආයතන පිහිටුවා ඇතත් මෙවැනි ආයතනයක් පිහිටුවා නොමැති අප රටේ සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් මෙවැනි මාර්ගෝපදේශන මාලාවක් නිකුත් කිරීමට කටයුතු කිරීම ඉතාම කාලෝචිත වේ.