ශ්‍රී ලංකාවේ එක් ඇළකින් වසරකට කි.ග්‍රෑ. 529,745ක ප්ලාස්ටික් අපද්‍රව්‍ය සමුද්‍රයට

ශ්‍රී ලංකාවේ එක් ඇළකින් වසරකට කි.ග්‍රෑ. 529,745ක ප්ලාස්ටික් අපද්‍රව්‍ය සමුද්‍රයට එක්කරයි
ශ්‍රී ලංකාවේ එක් ඇළකින් වසරකට කි.ග්‍රෑ. 529,745ක ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප්‍රමාණයක් සමුද්‍රයට එකතු වන බවත්, දිනකට කැළිකසළ මෙ.ටො. 13,000ක් නිපදවන බවත් පරිසර යුක්ති කේන්ද්‍රයේ සභාපති හේමන්ත විතානගේ හා හෙල්ප් ඕ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය චතුර වැලිවිටිය පැවසීය.
ඔහු මේ බව පැවසුවේ පසුගියදා පරිසර යුක්ති කේන්ද්‍රයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමිනි.
මෙලෙස මුහුදට එක් වන ප්‍රමාණයෙන් 9.2%ක් ප්ලාස්ටික් බීම බටද, 2.5%ක් ප්ලාස්ටික් වතුර බෝතල්ද 1.2%ක් ලන්ච්ෂීට් හා ෂෝපිං බෑග්ද වන බවත්, දිනකට නිපදවන කැළිකසළ ප්‍රමාණයෙන් අපට ඇස් පනාපිට දැකිය හැක්කේ 7,000-8,000 අතර ප්‍රමාණයක් පමණක් බවත් ඔහු ප්‍රකාශ කළේය. එයින් කළමනාකරණයකට ලක් වන්නේ එයින් මෙට්‍රික් ටොන් 3,000ක් පමණක් බවද, නිසි කසළ ප්‍රතිචක්‍රීකරණ වැඩ සටහනක් නොවීම, තමන්ගේ නිෂ්පාදනයේ වගකීම නොදැරීම නිසා වසරකට ඩොලර් බිලියන 550කට වැඩි මුදලක් අහිමි වන බවද ආචාර්ය චතුර වැලිවිටිය වැඩි දුරටත් පැවසීය.
වර්තමාන රජය ආරම්භ කර ඇති ක්ලීන් ශ්‍රී ලංකා වැඩ සටහන සාර්ථක වැඩ සටහනක් වුවත්, කැළිකසළ එකතු කරමින් ප්‍රශ්නය විසදිය නොහැකි බවද මහා සාගරය තුළ මේ ආකාරයෙන් එකතු වන විශාල කැළිකසළ මෙන්ම පරිසරයට මුදාහැරෙන රසායනික අපද්‍රව්‍ය කෙරෙහිද විශේෂයෙන් අවධානය යොමු කළ යුතු බවද පවසන ඒ මහතා, ෂෝපිං බෑගයකට මිලක් අය කිරීමෙන් පාරිභෝගික අයිතීන් උල්ලංඝනය වන බවට තීරණය කිරීමෙන් අනතුරුව එය නවතාදැමීම නිසා අදටත් දිනකට ෂොපින් බෑග් මිලියන 20ක් ඉවත දමන බවද කීය.