හමාස් – ඊශ්‍රායල සිරකරුවන් නිදහස් කරයි

0
හමාස් – ඊශ්‍රායල සිරකරුවන් නිදහස් කරයි

හමාස් – ඊශ්‍රායල සිරකරුවන් නිදහස් කරයි

ගාසා තීරයේ සටන් විරාම ගිවිසුමේ හයවන අදියරේ කොටසක් ලෙස ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් තිදෙනෙකු නිදහස් කිරීමට කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

එමෙන්ම ඊශ්‍රායල බන්ධනාගාරවල රඳවා සිටින පලස්තීන සිරකරුවන් 369 දෙනෙකු ඊශ්‍රායලය ආපසු ලබා දීමට සූදානම් වන බවයි එම වාර්තාවල දැක්වෙන්නේ.

සටන් විරාමය ආරම්භයේ සිට නිදහස් කරන ලද විශාලතම පලස්තීන ජාතිකයින් සංඛ්‍යාව මෙය බව සඳහන්.

පසුගිය ජනවාරි 19වන දින සටන් විරාමය ආරම්භ වූදා සිට හමාස් සහ පලස්තීන ඉස්ලාමීය ජිහාඩ් විසින් නිදහස් කරන ලද සිරකරුවන්ගේ සංඛ්‍යාව 25ක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com