ඔස්ට්‍රේලියාවට එරෙහි එක්දින තරගාවලියෙන් ශ්‍රී ලංකාවට 2ට 0ක ජයක්

ඔස්ට්‍රේලියාවට එරෙහි එක්දින තරගාවලියෙන් ශ්‍රී ලංකාවට 2ට 0ක ජයක්
සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහි තරග දෙකකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාව තරග 2ට 0ක් ලෙස ජයග්‍රහණය කර තිබේ.
ඒ,අද දින (14) පැවැති දෙවැනි එක්දින ක්‍රිකට් තරගය ශ්‍රී ලංකාව ලකුණු 174කින් ජය ගැනීමත් සමගයි.
කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 281 රැස් කළේය.
පිළිතුරු ඉනිමට පිටියට පිවිසි ඔස්ට්‍රේලියා කණ්ඩායමේ සියලු දෙනා ලකුණු 107කට දැවී ගියේය.