මහනුවර ජාතික රෝහලේ අතරමඟ නැවතුණු වැඩ යළි අරඹන්න මිලියන 1500ක්

0
මහනුවර ජාතික රෝහලේ අතරමඟ නැවතුණු වැඩ යළි අරඹන්න මිලියන 1500ක්

මහනුවර ජාතික රෝහලේ අතරමඟ නැවතුණු වැඩ යළි අරඹන්න මිලියන 1500ක්

දැනට අතරමඟ වැඩ නැවතී ඇති මහනුවර ජාතික රෝහලේ ප්‍රධාන සංවර්ධන ව්‍යාපෘති 04කට අදාළව ඉදිකිරීම් කටයුතු යම් ප්‍රමාණයකින් හෝ අවසන් කිරීම සඳහා දළ වශයෙන් රුපියල් මිලියන 1500ක මුදලක් මෙම වසරේ වෙන් කිරිමට සැලසුම් කරන බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

අමාත්‍යවරයා මෙම අදහස් දැක්වුයේ පසුගියදා මහනුවර ජාතික රෝහලේ අතරමඟ වැඩ නැවතී ඇති සංවර්ධන ව්‍යාපෘති කිහිපයක ඉදිකිරීම් කටයුතු සොයා බැලීමට එක්වෙමිනි.

ඒ අනුව මහනුවර ජාතික රෝහලේ නව පිළිකා වාට්ටු සංකීර්ණය (New Cancer Complex), තැලසිමියා වාට්ටු සංකීර්ණය (Bone Marrow Transplant Unit), හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය (Accident & Emergency care unit), වෙන් කළ යුතු රෝගීන් වෙනුවෙන් ඉදිකෙරෙන වාට්ටු සංකීර්ණය (Isolation Ward Complex)යන ව්‍යාපෘති සෞඛ්‍ය ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක්විය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com