USAID ආයතනය “සංවර්ධන ආධාර”නාමයෙන්“මතවාදී යටත් විජිතවාදය”ක්‍රියාත්මක කිරීමේ රහස හෙළිවෙලා – චීනය
![USAID ආයතනය “සංවර්ධන ආධාර”නාමයෙන්“මතවාදී යටත් විජිතවාදය”ක්‍රියාත්මක කිරීමේ රහස හෙළිවෙලා - චීනය](https://srihanda.lk/wp-content/uploads/2025/02/මතවාදී-යටත්-විජිතවාදය-1-650x433.jpg)
USAID ආයතනය “සංවර්ධන ආධාර”නාමයෙන්“මතවාදී යටත් විජිතවාදය”ක්‍රියාත්මක කිරීමේ රහස හෙළිවෙලා - චීනය
දිගු කාලයක් පුරා එම ආයතනයෙන් අරමුදල් ලබා ගත් ඊනියා “ස්වාධීන මාධ්‍ය” සහ “රාජ්‍ය නොවන සංවිධාන” ඉන් කනස්සල්ලට පත්ව ඇති අතර USAID ආයතනය “සංවර්ධන ආධාර” නාමයෙන් “මතවාදී යටත් විජිතවාදය” ක්‍රියාත්මක කිරීම යන රහස අනාවරණය වී ඇති බව චීනය පවසනවා.
ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන අමෙරිකානු නියෝජිතායතනය (USAID) වසා දමන බව ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රජය මෑතකදී ප්‍රකාශ කළා.
ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ බංග්ලාදේශය ඇතුළු රටවල් කිහිපයක් අස්ථාවර කිරීම සඳහා හංගේරියානු සම්භවය සහිත අමෙරිකානු ප්‍රකෝටිපතියෙකු වන George Sorosගේ සංවිධානයට ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන ඇමරිකානු නියෝජිතායතනයෙන් ඩොලර් මිලියන 260ක් ලබා ගත් බව ඇතැම් මාධ්‍ය උපුටා දක්වන ලද වාර්තාවලද දැක්වුණා.
“මාධ්‍ය නිදහස” සහ “ස්වාධීන වාර්තාකරණය” මුවාවෙන් වෙනත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීම් සිදුකරන ‘දේශසීමා රහිත වාර්තාකරුවන්’ (Reporters Without Borders) නම් බටහිර සංවිධානයද මින් කලබල වී ඇති බවයි චීන මාධ්‍ය පෙන්වාදෙන්නේ.
“ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අමෙරිකාවේ විදේශ ආධාර තහනම් කිරීම, ලොව පුරා ප්‍රවෘත්ති සංස්කරණ ක්ෂේත්‍රය අර්බුදයකට පත් කරයි.” යන මැයෙන් අදාළ සංවිධානය ලිපියක්ද පළ කර ඇති අතර එම සංවිධානය අමෙරිකානු අරමුදල් ලබාගෙන ඇත්නම්, මීට පෙර සිය ස්වාධීනත්වය අවධාරණය කළේ කෙසේද යන ගැටලුව මතු කර ඇති බවද චීනය පවසනවා.
සත්‍ය වශයෙන්ම, අමෙරිකාව මාධ්‍යවේදීන්ට මුදල් ගෙවීම් සිදු කර ඇත්තේ ඔවුන්ට මාධ්‍යවල සහයෝගීතාව ලබා ගැනීම වෙනුවෙන් බවත්, සෙසු රටවල හෝ කලාපවල ගැටලු සඳහා අනවශ්‍ය ලෙස මැදිහත් වීමට හේතු නිර්මාණය කිරීමට හෝ තම අපකීර්තිමත් අපරාධ සේදීමට හෝ, මාධ්‍යයේ “පූර්ණ සහාය”ඇමරිකාවට අතිශයෙන් වැදගත් වී ඇති බවත් චීනයේ අදහසයි.
මෑත වසරවලදී, චීනය ලැබූ සීග්‍ර දියුණුවත් සමඟ, අමෙරිකාව චීනය තම විශාලතම උපායමාර්ගික තරඟකරුවා ලෙස වරදවා වටහාගෙන ඇති බව පෙන්වාදෙන චීනය ‘මහජන මතවාදී යුද්ධ’ ඇතුළු සෑම ආකාරයකින්ම චීනය මර්දනය කිරීමට හෝ සීමා කිරීමට අමෙරිකාව උත්සාහ කර ඇති බව පෙන්වා දී තිබෙනවා.
විශේෂයෙන්ම චීන-අප්‍රිකා සහයෝගීතාව ක්‍රමයෙන් සරු ප්‍රතිඵල අත්කර ගත් අතර “එක් තීරයක් එක් මාවතක්” වැඩපිළිවෙලද අඛණ්ඩව ඉදිරියට යාමේදී, අප්‍රිකාව ඇතුළු අදාළ රටවල සහ කලාපවල ආර්ථික තත්ත්වය ක්‍රමානුකූලව සංවර්ධනය වෙමින් පවතින අතර යටිතල පහසුකම් සහ ජන ජීවිත ද වසරින් වසර වැඩිදියුණු වී තිබෙන බවයි චීනය පවසන්නේ.
මෙයින් දැඩි කලබලයට පත් අමෙරිකාව, චීන-අප්‍රිකා සහයෝගීතාව සහ “එක් තීරයක්, එක් මාවතක්” වැඩපිළිවෙල දෙස ද්වේශසහගතව බලමින් චීනයට අපහාස කිරීම සඳහා මාධ්‍ය විසින් ගොතන ලද “නව යටත් විජිතවාදය”, “ණය උගුල” සහ “චීන තර්ජන” න්‍යායන්, මාධ්‍ය වාර්තාවල වැඩි වැඩියෙන් දක්නට ලැබුණු බව චීනය පෙන්වාදෙනවා.
කෙසේවෙතත්, අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සහ ජයග්‍රහණ යන මාවතේ අධිෂ්ඨානශීලීව ඉදිරියට යන පුරෝගාමීන්ටත්, සංවර්ධනයේ ආශ්චර්යය ඉටු කර ගැනීමට වෙහෙසෙන ගවේෂකයින්ටත්, “ලෝකය මනසේ තබා ගනිමින් හවුල් ඉරණමක් ” පිළිබඳ සංකල්පය දරන්නන්ටත් පමණක්, සැබෑ ප්‍රකාශන අයිතිය හිමි වී ඇති බවට හෘද සාක්ෂිය සහිත ජගත් ප්‍රජාවට පොදු විශ්වාසයක් ඇති බවයි චීනය ප්‍රකාශ කර ඇත්තේ.