රිදියගම සෆාරීයේ සිංහ පැටව් 06 දෙනොට නම් තබයි
![රිදියගම සෆාරීයේ සිංහ පැටව් 06 දෙනොට නම් තබයි](https://srihanda.lk/wp-content/uploads/2025/02/පුංචි-සිංහ-පැටවුන්.jpeg)
රිදියගම සෆාරීයේ සිංහ පැටව් 06 දෙනොට නම් තබයි
අම්බලන්තොට – රිදියගම සෆාරී උද්‍යානයේ මාස තුනක් වයසැති සිංහ පැටවුන් හය දෙනාට නම් තැබීම අද (12) පෙරවරුවේදි සිදු කෙරුණි.
සිංහ පැටවුන් හය දෙනා සදහා නම් 4000ක් මහජතාව විසින් යෝජනා කර තිබු අතර ඉන් තෝරාගත් නම් හයක් තැබීම සිදු කෙරුණේ සත්වොද්‍යාන දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ආර්.සි රාජපක්ෂගේ ප්‍රධානත්වයෙනි.
ඒ අනුව පිරිමි සිංහ පැටියාට මේඝා යනුවෙන්ද, ගැහැණු සිංහ පැටවුන් පස් දෙනාට ටාරා, අග්‍රා, භූමි, අකීරා, සහ එල්සා යනුවෙන් නම් තැබීමට සත්වඋද්‍යාන දෙපාර්තමේන්තුව කටයුතු කර තිබුණි.
එම නම් යෝජනා කළ අයගෙන් තුන්දෙනෙකු එම අවස්ථාවට එක්ව සිටි අතර ඔවුන්ට තිලිණ ප්‍රදානයක්ද සිදු කර තිබේ.
ලාරා සහ සූලාගේ පැටවුන්
මේඝ (පිරිමි සතා ) – උතුම් ඉඳුවර – ගාල්ල
ටාරා – අහිංසා දිල්රුක්ෂි – දැරණියගල
අග්‍රා – තේමින්දී දෙහන්සා
ඩෝරාගේ සහ වොලීගේ පැටවුන් පැටව්න්
භූමි – නිශිතා එගොඩගෙදර
අකීරා – දුලීශා පරණමාන – පානදුර
එල්සා – දිලීප නිර්මාල් – බිංගිරිය