2025 ගත වූ කාල සීමාව තුළ සංචාරකයින් 332,439ක්

0
2025 ගත වූ කාල සීමාව තුළ සංචාරකයින් 332,439ක්

2025 ගත වූ කාල සීමාව තුළ සංචාරකයින් 332,439ක්

2025 වසරේ මේ දක්වා‌ ගත වූ කාල සීමාව තුළ 332,439ක සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සිය නවතම දත්ත වාර්තාව නිකුත් කරමින් පවසයි.

පෙබරවාරි මාසයේ පළමු දින 09 තුළදී 79,678ක සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇති අතර පෙබරවාරි 06 වනදා වන විට මෙම වසරේ සංචාරක පැමිණීම ලක්ෂ 3 සීමාව ඉක්මවීමට සමත්ව ඇත.

2024 පෙබරවාරි මාසයේ පළමු දින 9 තුළදී පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව 67,838ක් ලෙසින් වාර්තා වූ අතර එම වසර හා සැසදීමේදී 2025 වසරේ එම කාලය තුළ එය 11,840ක වර්ධනයකි.

පෙබරවාරි මාසයේ ගත වූ දින 9 තුළ වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ පෙබරවාරි 03 වනදා වන අතර එම සංඛ්‍යාව දැක්වෙනුයේ 9,974ක් ලෙසය.

පෙබරවාරි මාසයේ පළමු දින 9 තුළදී වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණි රට ලෙස නොකඩවා ඉන්දියාව වාර්තා වන අතර එම සංඛ්‍යාව දැක්වෙනුයේ 11,317 ලෙසය.

මීට අතරව රුසියාවෙන් 9,623ක්, එක්සත් රාජධානියෙන් 8,463ක් සහ ජර්මනියෙන් 5,625ක් ලෙස වැඩි වශයෙන් සංචාරකයින් මෙරටට පැමිණ ඇත.

2025 පෙබරවාරි මාසයේ ඉලක්කගත සංචාරක පැමිණීම 310,937කි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com