ඉන්දීය ධීවර යාත්‍රා 2ක් සමග ධීවරයින් 14ක් නාවික හමුදා භාරයට

0
ඉන්දීය ධීවර යාත්‍රා 2ක් සමග ධීවරයින් 14ක් නාවික හමුදා භාරයට

ඉන්දීය ධීවර යාත්‍රා 2ක් සමග ධීවරයින් 14ක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඊයේ (08) රාත්‍රියේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී මෙරට මුහුදු සීමාවට අනවසරයෙන් පැමිණි ඉන්දීය ධීවර යාත්‍රා 2ක සිටි ධීවරයින් 14 දෙනෙකු සිය භාරයට ගෙන තිබේ.

මන්නාරමට උතුරෙන් වූ මෙරට මුහුදු සීමාවේ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමක සිදුකළ බව නාවික හමුදාව පවසයි.

නාවික හමුදා භාරයට ගත් මෙම ඉන්දීය ධීවරයින් සියළුදෙනා ඉරණතිව් දූපත වෙත රැගෙනවිත් ඇති අතර, ඉදිරි නීතිමය කටයුතු සඳහා කිළිනොච්චිය සහකාර ධීවර අධ්‍යක්‍ෂක කාර්යාලය වෙත භාරදීමට නියමිතව ඇත.

විදේශ ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් සිදු කරනු ලබන නීති විරෝධී ධීවර කටයුතු මැඩ පවත්වා, දේශීය ධීවර ප්‍රජාවගේ ජීවනෝපාය රැකදීම වෙනුවෙන් නාවික හමුදාව නිරන්තර මෙලෙස මෙහෙයුම් සිදු කරනු ලැබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com