ලෝක සන්නද්ධ හමුදා තක්සේරුවට ලක් කරන නවතම දර්ශකය නිකුත් වේ
මිනිස් බලය, උපකරණ සහ මූල්‍යමය වශයෙන් ලෝක සන්නද්ධ හමුදා තක්සේරුවට ලක් කරන නවතම දර්ශකයේ අමෙරිකාව නැවත වරක් පළමු ස්ථානයට පත්වූ බව Global Firepower Index 2025 වාර්තාව සඳහන් කරයි.
රටවල් 145ක් ඇතුළත් එම දර්ශකයේ දෙවැනි ස්ථානය රුසියාවට සහ තුන්වැනි ස්ථානය චීනයට හිමි වී ඇති අතර, දකුණු ආසියාවේ බලවත්ම හමුදාව ලෙස ඉන්දියාව එම දර්ශකයේ සිවුවැනි තැනට පත්වූ බව අදාල වාර්තාව වැඩිදුරටත් වාර්තා කරයි.
දකුණු කොරියාව, බ්‍රිතාන්‍යය, ප්‍රංශය, ජපානය, තුර්කිය සහ ඉතාලිය පිළිවෙළින් පස්වැනි ස්ථානයේ සිට 10වැනි ස්ථානය දක්වා ලැයිස්තුගත කර ඇතැයිද වාර්තා වේ.
මීට පෙර 9වැනි ස්ථානයේ පසුවූ පාකිස්තානයට මෙවර දර්ශකයේ 12වැනි තැන හිමිවී ඇති බවත්, බංග්ලාදේශය 35වැනි ස්ථානයේ සහ ශ්‍රී ලංකාව 69වැනි ස්ථානයේ පසුවන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ගාසා යුදගැටුම්වලට මැදි වී සිටින ඊශ්‍රායලය 15වැනි ස්ථානයේ පසුවන අතර, ඉරානයට 16වැනි ස්ථානයත්, රුසියාව සමඟ යුද්ධයට පැටලී සිටින යුක්‍රේනයට 20වැනි ස්ථානයත් ලැබී ඇති අතර, ලෙබනනය 115වැනි ස්ථානයේ සහ ඇෆ්ගනිස්තානය 118වැනි ස්ථානයේ පසුවන බව වාර්තා වේ.