ජල ගාස්තු කඩිනමින් අඩු කිරිමට පියවර

0
ජල ගාස්තු සංශෝ­ධ­න­යට 2024 වන තෙක් ප්‍රති­ප­ත්ති­යක් සකස්කර තිබුණේ නෑ - ජාතික විග­ණන කාර්යා­ලය

ජල ගාස්තු සංශෝ­ධ­න­යට 2024 වන තෙක් ප්‍රති­ප­ත්ති­යක් සකස්කර තිබුණේ නෑ - ජාතික විග­ණන කාර්යා­ලය

ජල ගාස්තු කඩිනමින් අඩු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

එම මණ්ඩලය සඳහන් කළේ, විදුලි ගාස්තු 20%කින් අඩු කිරීමත් සමග ජල ගාස්තු අඩු කළ හැකි ප්‍රතිශතයන් පිළිබඳ කරුණු සොයා බැලීමට කමිටුවක් පත් කළ බවයි.

එහි වාර්තාව සිකුරාදා ජාතික ජල සම්පාදන මණ්ඩලයේ සභාපතිවරයාට ලැබීමට නියමිතයි. ඉන් අනතුරුව එය විෂයභාර අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කෙරෙනු ඇති.

ඒ අනුව ඉදිරි මාසය ඇතුළත ජල ගාස්තු අඩුවන ප්‍රතිශතයන් ප්‍රකාශයට පත් කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *