ජනවාරි මාසයේදී වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 5000

0
ඩෙංගු රෝගීන් 92,254ක් දක්වා ඉහළට

ඩෙංගු රෝගීන් 92,254ක් දක්වා ඉහළට

මේ වසරේ ජනවාරි මාසය අවසන් වීමට පෙර මෙරටින් ඩෙංගු රෝගීන් 5000කට ආසන්න පිරිසක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්ධන ව්‍යාපාරය පවසයි.

එම මාසය තුළ ඩෙංගු මරණ දෙකක්ද වාර්තා වූ බව එම ඒකකය සඳහන් කළේය.

ජනවාරි මාසය අවසන් වීමට පෙර ඩෙංගු අධි අවදානම් කලාප 16ක් හඳුනාගෙන ඇති බවද ජාතික ඩෙංගු මර්ධන ව්‍යාපාරය පැවසීය.

ඒ අනුව ජනවාරි මාසයේදී ඩෙංගු රෝගීන් 4,943කු වාර්තා වී ඇති අතර ඉන් වැඩිම ඩෙංගු රෝගීන් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 764කි.

ඊට අමතරව කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 674ක් සහ කොළඹ නගර සභා බල ප්‍රදේශයෙන් රෝගීන් 608 දෙනෙකුද වාර්තා වී තිබේ.

ගාල්ල දිස්ත්‍රික්කයෙන් රෝගීන්ද 315ක්ද, මහනුවර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 303ක්ද, මඩකලපුව දිස්ත්‍රික්කයෙන් රෝගීන් 278ක් සහ යාපනය දිස්ත්‍රික්කයෙන් රෝගීන් 201 දෙනෙකුද වාර්තා වී තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *