අත්අඩංගුවට ගත් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ හිටපු ලේකම් ප්‍රියන්ත මායාදුන්නට ඇප
අත්අඩංගුවට ගත් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ හිටපු ලේකම් ප්‍රියන්ත මායාදුන්න මහතා ඇප මත මුදාහැර තිබෙනවා.
ඒ රුපියල් ලක්ෂ දෙකක ශරිර ඇප මතයි.
හිටපු අමාත්‍යංශ ලේකම්වරයෙකු වූ ප්‍රියන්ත මායාදුන්න මහතා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඊයේ දිනයේදි (30) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහු රාජ්‍ය පාරිපාලන අමාත්‍යංශයේ මෙන්ම ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙසත් තවත් අමාත්‍යංශ කිහිපයක ඉහළ නිලධාරියෙකු ලෙසත් කටයුතු කර තිබුණා.
2011දි සිදුකළ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් ප්‍රියන්ත මායාදුන්න පිළියන්දල ප්‍රදේශයේදි අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා සඳහන් කරන්නේ.
2011 වසරේ ජාත්‍යන්ත සමූපකාර සැමරීම වෙනුවෙන් කුරුණෑගල පැවැත්වූ ඉසුරු සවිය නැමති සමුපකාර දිනය සැමරුම සඳහා සමුපකාර අරමුදලින් රුපියල් මිලියන 183 ක් වැය කිරිමේදී ප්‍රවාහන වියදම් ලෙස රුපියල් ලක්ෂයක මුදලක් සම්බන්ධයෙන් සාපරාධි විශ්වාසය කඩකිරිමක් සම්බන්ධයෙනුයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මොහු අත්අඩංගුවට ගෙන තිබුණේ.
අදාල මුදල් එවකට සමුපකාර අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ ආරක්ෂක ලේකම්වරයාට ලබාදුන් බව සැකකාර ප්‍රියන්ත මායාදුන්න අද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදුන් ප්‍රකාශයේ සඳහන්.
මායාදුන්න ඊයේ (30) පස්වරුවේ කොටුව මහේස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර මෙනෙවිය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව රුපියල් ලක්ෂ දෙකක ශරිර ඇප මත මුදාහැර තිබුණා.
සැකකාර ප්‍රියන්ත මායාදුන්නට එරෙහිව ශ්‍රි ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 380 වගන්තිය යටතේ චෝදනා ගොනුකිරිමට ප්‍රමාණවත් කරුණු ඇති බවට නිතිපතිවරයා ලබාදුන් උපදෙස් අනුවයි ඔහු අත්අඩංගුවට ගෙන තිබුණේ.