රුසියාවේ කලාප 13ක් ඉලක්ක කරමින් ඩ්‍රෝන යානා 121ක්

0
රුසියාවේ කලාප 13ක් ඉලක්ක කරමින් ඩ්‍රෝන යානා 121ක්

රුසියාවේ කලාප 13ක් ඉලක්ක කරමින් ඩ්‍රෝන යානා 121ක්

යුක්‍රේනය විසින් මොස්කව් නුවර පිහිටි රුසියානු තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර තිබේ.

විදෙස් වාර්තා සඳහන් කළේ මොස්කව් හි ගිනිකොන දෙසින් පිහිටි රියාසාන් කලාපයේ පිරිපහදුව සහ පොම්පාගාරයට මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවය.

එමෙන්ම රියාසාන් සහ මොස්කව් ඇතුළු කලාප 13ක් ඉලක්ක කරගත් ඩ්‍රෝන යානා 121ක් වෙඩි තබා බිම හෙළීමට සමත්වූ බවට රුසියාව පවසයි.

මෙම තත්ත්වය හේතුවෙන් මොස්කව් ගුවන්තොටුපළ දෙකක මෙහෙයුම්ද තාවකාලිකව නතර කිරීමට පියවර ගෙන තිබුණි.

මේ අතර රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයක් යුක්‍රේනයේ කියෙව් කලාපයේ නේවාසික ගොඩනැගිල්ලකට එල්ල වීමෙන් පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් එක් අයෙකු තුවාල ලැබූ බවද යුක්‍රේනය පවසයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com