හමාස් සංවිධානය විසින් ඊශ්‍රායල කාන්තා ප්‍රාණ ඇපකරුවන් සිව්දෙනෙකු නිදහස් කෙරේ

0
හමාස් සංවිධානය විසින් ඊශ්‍රායල කාන්තා ප්‍රාණ ඇපකරුවන් සිව්දෙනෙකු නිදහස් කරයි

හමාස් සංවිධානය විසින් ඊශ්‍රායල කාන්තා ප්‍රාණ ඇපකරුවන් සිව්දෙනෙකු නිදහස් කරයි

ගාසා තීරයේ හමාස් සංවිධානය විසින් නිදහස් කරන ලද කාන්තා ප්‍රාණ ඇපකරුවන් සිව්දෙනෙකු ඊශ්‍රායලයට ආපසු පැමිණ ඇත.

හමාස් සංවිධානය භාරයේ පසුවූ මෙම කාන්තා ප්‍රාණ ඇපකරුවන් සිව් දෙනා ගාසා සටන් විරාම ගිවිසුම යටතේ අද දින නිදහස් කිරීම සිදු වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඔවුන් ඊශ්‍රායලය යුද හමුදාවට අයත් සෙබළියන් වේ. කාන්තා සෙබළියන් සිව්දෙනා හමාස් තුවක්කුකරුවන් විසින් නහාල් හමුදා කඳවුරේදී සිය යටතට ගෙන ගාසා තීරයට ප්‍රාණ ඇපකරුවන් ලෙස රැගෙන ගොස් තිබුණි. මෙම ප්‍රාණ ඇපකරුවන් රතු කුරුස සංවිධානයට භාර දෙන විට තුවක්කුකරුවන් සහ විශාල ජනකායක් ගාසා නගරයේ පලස්තීන චතුරශ්‍රයේ රැස්ව සිටි බවද සදහන් වේ.

හමාස් සංවිධානය ප්‍රකාශ කර ඇත්තේ, ඊශ්‍රායලයේ රඳවා සිටින පලස්තීන සිරකරුවන් 180 දෙනෙකු නිදහස් කිරීම වෙනුවෙන් මෙම ප්‍රාණ ඇපකරුවන් මුදා හරින බවයි. සටන් විරාමය ඉකුත් ඉරිදා සිට ක්‍රියාත්මක වීමෙන් පසු සිදු වූ ඊශ්‍රායලය ප්‍රාණ ඇපකරුවන් සහ පලස්තීන සිරකරුවන් දෙවන හුවමාරුව මෙයයි.

පළමු හුවමාරුවේදී ප්‍රාණ ඇපකරුවන් තිදෙනෙකු වෙනුවෙන් පලස්තීන සිරකරුවන් 90 දෙනෙකු නිදහස් කරනු ලැබීය.

ඉදිරි සති පහ ඇතුළත නිදහස් කිරීමට නියමිත අනෙකුත් ඊශ්‍රායලය ප්‍රාණ ඇපකරුවන් 26 දෙනා පිළිබඳ තොරතුරු හමාස් සංවිධානය විසින් ලබා දෙනු ඇතැයි, අපේක්ෂා කෙරේ.

කෙසේවුවද ඔක්තෝබර් 7 ප්‍රහාරයට සම්බන්ධ කිසිවකු නිදහස් නොකරන බවටද ඊශ්‍රායලය අවධාරණය කර ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com