සංචාරක ආකාර්ෂණය සදහා නව දුම්රිය සේවා කිහිපයක්

0
සංචාරක ආකාර්ෂණය සදහා නව දුම්රිය සේවා කිහිපයක්

සංචාරක ආකාර්ෂණය සදහා නව දුම්රිය සේවා කිහිපයක්

සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය හා දුරගමන් සේවා වෙනුවෙන් නව දුම්රිය කිහිපයක් ධාවනයට එක්කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

විශේෂයෙන් උඩරට මාර්ගයේ දුම්රිය ගමන සංචාරකයින් අතර ජනප්‍රිය වීම, දැඩි ආකර්ෂණය සහ පවතින අධික ඉල්ලුම හේතුවෙන් මෙම පියවර ගන්නා බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පැවසූ අතර ඇල්ල – ඔඩිසි – කැන්ඩි සහ ඇල්ල ඔඩිසි – නානුඔය ලෙස නව දුම්රිය දෙකක් පෙබරවාරි මාසයේ සිට ධාවනයට එක්කිරීමට නියමිත අතර, ඇල්ල ඕඩිසි – කලම්බු දුම්රියේ අමතර ගමන්වාරයක්ද යෙදවීමට නියමිතය.

ඇල්ල – ඕඩිසි – කැන්ඩි දුම්රිය පෙබරවාරි මස 01වන දින සිට සෑම සති අන්තයකම මහනුවර සහ දෙමෝදර අතර ධාවනයට යෙදවන බව දුම්රිය සාමාන්‍යාධීකාරීවරයා සඳහන් කළ අතර ඇල්ල ඕඩිසි – නානුඔය දුම්රිය පෙබරවාරි මස 10වන දින සිට, නානුඔය සහ බදුල්ල අතර ධාවනයට එක්කිරීමට නියමිත වේ.

කොළඹ සහ බදුල්ල අතර ධාවනය වන ඇල්ල ඕඩිසි – කලම්බු දුම්රියේ අමතර ගමන් වාරයක් පෙබරවාරි මස 10 වනදා සිට සෑම සඳුදා දිනයකම කොළඹින් පිටත්වීමට සහ පෙබරවාරි 11වැනිදා සිට සෑම අඟහරුවාදා දිනකම බදුල්ලෙන් පිටත්වීමට නියමිත වන අතර ජනවාරි මස 31වැනිදා සිට කොළඹ සහ කන්කසන්තුරෛයි අතර රාත්‍රී තැපැල් දුම්රිය දිනපතා ධාවනයට එක්කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com