ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රය දකුණු ආසියාවේ 4වැනි තැනට

0
ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රය දකුණු ආසියාවේ 4වැනි තැනට

ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රය දකුණු ආසියාවේ 4වැනි තැනට

ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රය දකුණු ආසියාවේ 4වැනි ශක්තිමත්ම විදේශ ගමන් බලපත්‍රය යැයි ‘හෙන්ලේ’ විදේශ ගමන් බලපත්‍ර දර්ශකය පවසයි.

ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රය ගෝලීය වශයෙන් 96වැනි ස්ථානයට පත්ව ඇති අතරම එය 2023දී 100වැනි ස්ථානයේ පසුවූ බවත් එම දර්ශකය සඳහන් කරයි. 2022දී 102වැනි ස්ථානයේ සිටි ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රය අඛණ්ඩව ප්‍රගතියක් ප්‍රදර්ශනය කරන බවද ‘හෙන්ලේ’ විදේශ ගමන් බගපත්‍ර දර්ශකය කියයි.

ශ්‍රී ලාංකිකයන්ට ගමනාන්ත 44 කට වීසා රහිතව ගමන් කිරීමේ හැකියව ඇති බවත් කලාපීය සහ ගෝලීය ලැයිස්තුවේ පහළින් ඇෆ්ගනිස්තානය කලාපීය වශයෙන් 8වන සහ ගෝලීය වශයෙන් 106වන ස්ථානයට පත්ව ඇති අතර ගමනාන්ත 26කට පමණක් ප්‍රවේශ විය හැකිය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com