අමෙරිකාවේ TikTok තහනමේන් ගිණුම් මිලියන 170ක් අක්‍රිය වෙයි

0
අමෙරිකාවේ TikTok තහනමේන් ගිණුම් මිලියන 170ක් අක්‍රිය වෙයි

අමෙරිකාවේ TikTok තහනමේන් ගිණුම් මිලියන 170ක් අක්‍රිය වෙයි

ඊයේ (19) දින සිට අමෙරිකාවේ ටික් ටොක් තහනම ක්‍රියාත්මක වීමට පෙර, Apple සහ Google යෙදවුම්වලින් TikTok ස්වයංක්‍රියව ඉවත් වී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, පරිශීලකයින්ට TikTok යෙදවුමට ප්‍රවේශවීමේදී ‘ප්‍රවේශ විය නොහැකි බවට’ කෙටි පණිවුඩයක් පැමිණෙන බවයි.

මීට අමතරව එම පණිවුඩය තුළ TikTok නැවත ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් විසඳුමක් ලබා දීමට ඩොනලඩ් ට්‍රම්ප් තම සමාගම සමග කටයුතු කරන බවත් ට්‍රම්ප් තනතුරට පත් වන තෙක් ඉවසීමෙන් රැදී සිටින ලෙස පරිශිලකයින්ට දන්වා සිටී.

මේ අතර තමා බලයට පත් වීමෙන් අනතුරුව TikTok තහනමට දින 90ක් දක්වා සහනයක් දීමට බලාපොරොත්තු වන බව තේරී පත් වූ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

ඒ NBC පුවත් සේවය සමග දුරකථන සංවාදයකට එක් වෙමිනි.

ඩොනල්ඩ් ට්‍රම්ප් එම සංවාදයේදී පවසා ඇත්තේ තමා එම සහනය ලබා දීම පිළිබඳ නිශ්චිත තීරණය (20) දින නිවේදනය කරන බවයි.

ඒ අනුව ඊයේ දින (19) සිට අමෙරිකාවේ අක්‍රිය වන TikTok සංඛ්‍යාව මිලියන 170ක්.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com