Clean Sri Lanka වැඩසටහනට සමගාමීව “නොපෙනෙන ත්‍රස්තවාදය”ට එරෙහිව පොලීසියේ මෙහෙයුම

0
Clean Sri Lanka වැඩසටහනට සමගාමීව "නොපෙනෙන ත්‍රස්තවාදය"ට එරෙහිව පොලීසියේ මෙහෙයුම

Clean Sri Lanka වැඩසටහනට සමගාමීව "නොපෙනෙන ත්‍රස්තවාදය"ට එරෙහිව පොලීසියේ මෙහෙයුම

Clean Sri Lanka වැඩසටහනට සමගාමීව පොලීසිය දියත් කරන රථවාහන මෙහෙයුම් හේතුවෙන් රථ වාහන අනතුරු හේතුවෙන් දිනකට මියයන සංඛ්‍යාව අඩුකර ගැනීමට හැකි වූ බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පැවසීය.

‘නව රජයේ වැඩපිළිවෙල සමග පොලීසියේ කාර්යභාරය’ යන තේමාව යටතේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමවුකට එක්වෙමින් ඒ මහතා සඳහන් කළේ, රථ වාහන අනතුරු හේතුවෙන් දිනකට මියයන පුද්ගලයින් ගණන යුද සමයේ මියගිය ප්‍රමාණයට වඩා වැඩි බවය.

මෙය නොපෙනෙන ත්‍රස්තවාදයක් බවද සඳහන් කළ වැඩබලන පොලිස්පතිවරයා, මාර්ග විනය පවත්වාගෙන යෑම අතිශය වැදගත් බවද පැවසීය.

පසුගිය දිනවල රිය අනතුරු හේතුවෙන් දිනකට පුද්ගලයින් 9කට ආසන්න සංඛ්‍යාවක් මිය ගිය බවද පැවසු වැඩබලන පොලිස්පතිවරයා, එය 4ක් දක්වා අවම කරගැනීමටත් ඇතැම් දිනවල 2ක දක්වා අඩු වූ බවත් කියා සිටියේය.

එමෙන්ම දිනකට පුද්ගලයින් 10 – 15ත් අතර පිරිසක් රිය අනතුරු හේතුවෙන් සදාකාලිකව ආබාධිත තත්ත්වයට පත්වෙන බවත්, යුද සමයේ දිනකට මියගියේ පුද්ගලයින් 4 – 5ක් වැනි ප්‍රමාණයක් බවද පැවසීය.

පොලීසිය දියත් කරන රථවාහන මෙහෙයුම් හේතුවෙන් පසුගිය දෙසැම්බර් 25වන නත්තල් දිනයේ දී කිසිදු රිය අනතුරක් වාර්තා නොවූ අතර එය සුවිශේෂි අවස්ථාවක් බවත් වැඩබලන පොලිස්පතිවරයා කියා සිටියේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com