පොඩි ලැසී ඉන්දියාවේදී අත්අඩංගුවට

පොඩි ලැසී ඉන්දියාවේදී අත්අඩංගුවට
මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස සැලකෙන ජනිත් මධුසංඛ හෙවත් පොඩි ලැසී ඉන්දියාවේ මුම්බායි හිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ජාත්‍යන්තර පොලීසිය මගින් මෙලෙස පොඩි අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.
ඒ අනුව ඔහු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මෙරට ආරක්ෂක අංශ දැනුවත් කර ඇති බවයි වාර්තා වන්නේ.
අධිකරණය මගින් ඇප ලබා සිටි ජනිත් මධුසංඛ හෙවත් පොඩි ලැසී මෙරටින් පලාගොස් ඇති බවට මීට වාර්තා පළ වී තිබුණා.