උතුරු පළාතේ පොලිස් ස්ථාන වෙත සින්ගල් කැබ් රථ 80ක්

උතුරු පළාතේ පොලිස් ස්ථාන වෙත සින්ගල් කැබ් රථ 80ක්
ශ්‍රී ලංකාවේ පොලිස් ස්ථානවල භාවිතය සඳහා කැබ් රථ සැපයීමට අදාළව ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් තබා තිබේ.
ඒ, පසුගිය බදාදා එනම් ඊයේ දිනයේදි (15) ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේදීය.
මෙම ව්‍යාපෘතිය මගින් ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ පොලිස් ස්ථාන වෙත සින්ගල් කැබ් රථ 80ක් ඉන්දියාව ලබා දිමට නියමිත අතර, එම කැබ් රථ සඳහා අමතර කොටස් සහ උපාංග සැපයීමත් සිදු කරනු ලබයි.
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා සහ මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ඩී.ඩබ්ලිව්.ආර්.බී. සෙනෙවිරත්න අතර මෙම අවබෝධතා ගිවිසුම අත්සන් තබනු ලැබිණි.
පුරවැසියන්ගේ ආරක්ෂාව වැඩි දියුණු කිරීම සහ නීතිය හා සාමය පවත්වා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසියේ අත්‍යවශ්‍ය අවශ්‍යතාවයක් මෙමගින් සපයන බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පැවසීය.