දකුණු අප්‍රිකාවේ පතලක සිරවීමෙන් 100ක් මරුට; සිරවූවන් බේරා ගැනීමට මෙහෙයුමක්
දකුණු අප්‍රිකාවේ රන් පතලක සිරවීමෙන් මියගිය සංඛ්‍යාව සියය දක්වා ඉහළ ගොස් තිබේ.
මියගොස් ඇති පිරිස නීතිවිරෝධි පතල් කම්කරුවන් බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
දකුණු අප්‍රිකාවේ අතහැර දැමු රන් පතලක කැනිම් කරමින් සිටි කම්කරුවන් පිරිසක් මෙම අනතුරට ලක්ව තිබෙන අතර ඔවුන් දින ගණනක් පතල තුළ සිරවී සිට ඇති බවද වාර්තා වේ.
කුසගින්න සහ විජලනය හේතුවෙන් එම පිරිස මියගොස් ඇති බව සඳහන්වේ.
පතලේ සිරවි සිටි කම්කරුවන් කිහිපදෙනෙකු බේරා ගැනුණු අතර ගලවා ගැනිමේ මෙහෙයුම් ආරම්භ කර ඇති බවද ප්එරට බලධාරින් සදහන් කරයි.
අවම වශයෙන් පුද්ගලයින් 400දෙනෙක් මෙහි සිරව ඇතැයි විශ්වාස කෙරේ.