සියලු මත්පැන් වර්ගවල මිල ඉහළට

0
සියලු මත්පැන් වර්ගවල මිල ඉහළට

සියලු මත්පැන් වර්ගවල මිල ඉහළට

මුදල් අමාත්‍යවරයා ලෙස ජනපති අනුර කුමාර දිසානායක මහතාට ලැබී ඇති බලතල ප්‍රකාරව මධ්‍යසාර සහ දුම්වැටි මත පැනවුණු සුරාබදු අද දින (11) සිට ඉහළ නැංවීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදිත විශේෂ අරක්කු සඳහා යොදාගන්නා මධ්‍යසාර ලීටරයක් මත පැනවෙන බද්ද රුපියල් 7,244ක්.

මෙරට තුළ නිෂ්පාදිත මොලෑෂස්, තල්, පොල් සහ පදම් කළ අරක්කු සඳහා යොදා ගැනෙන මධ්‍යසාර ලීටරයක් මත පැනවෙන බද්ද රුපියල් 7,752ක් වේ.

මෙරට නිෂ්පාදිත විදෙස් මත්පැන් සඳහා යොදාගන්නා මධ්‍යසාර ලීටරයක් සඳහා රුපියල් 7,969ක බද්දක් පනවා තිබේ.
ඒ අනුව මෙලස මධ්‍යසාර කාණ්ඩ 9ක් සඳහා අය කෙරෙන බදු අද දින (11) සිට සංශෝධනය කර ඇත. මෙම නව බදු සංශෝධනත් සමග රුපියල් 3,580ක් වූ ගල් අරක්කු බෝතලයක මිල රුපියල් 102කින් ඉහළ නැංවේ. රුපියල් 3,850ක් වූ පොල් අරක්කු බෝතලයක මිල ඉහළ නැංවෙන්නේ රුපියල් 109කිනි.

එමෙන්ම පරණ අරක්කු බෝතලයක මිල රුපියල් 4,000ක්ව පැවති අතර, එහි මිල රුපියල් 109කින් ඉහළ නංවා තිබේ. රුපියල් 4,250ක් වූ අති විශේෂ පරණ අරක්කු බෝතලයක මිලද රුපියල් 109කින් වැඩිවනු ඇත.

මේ අතර සැර අඩු බියර් බෝතලයක් රුපියල් 30කින් වැඩිවන අතර, සැර වැඩි බියර් බෝතලයක් රුපියල් 40කින් වැඩිවනු ඇත.
දේශීයව නිපදවන විදේශීය විස්කි බෝතලයක මිලද රුපියල් 100කින් ඉහළ නංවා ඇත. එමෙන්ම විදේශීය මත්පැන් වර්ග ඒවායේ සැර ප්‍රමාණය අනුව මිල ඉහළ නැංවෙනු ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com