සහල් ආනයන කාල සීමාව දීර්ඝ කිරීමේ අවශ්‍යතාවයක් නෑ

0
සහල් ආනයන කාල සීමාව දීර්ඝ කිරීමේ අවශ්‍යතාවයක් නෑ

සහල් ආනයන කාල සීමාව දීර්ඝ කිරීමේ අවශ්‍යතාවයක් නෑ

සහල් ආනයන කාල සීමාව දීර්ඝ කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිත හා සමුපාකාර නියෝජ්‍ය අමාත්‍ය ආර්.එම් ජයවර්ධන මහතා පවසයි.

නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ වී අස්වනු නෙළීමේ කටයුතු මේ වනවිට ප්‍රදේශ කිහිපයකම ආරම්භ කර ඇති බැවින් තවදුරටත් සහල් ආනයනය කිරීමෙන් එම ගොවීන්ට අසාධාරණයක් සිදුවන බවය.

ලුනුගම්වෙහෙර පන්නෙගමුව වී ගබඩා සංකීර්ණය නවීකරණය කර වී ගබඩා කිරීමට ඇති හැකියාව පිළිබඳව සොයා බැලීම සඳහා අද (11) පෙරවරුවේ එහි නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍ය ආර්.එම් ජයවර්ධන මහතා මේ බව කියා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ මෙවර වී මිලදී ගැනීම් කටයුතු නිසි වැඩපිළිවෙලක් යටතේ ක්‍රියාත්මක කිරීම සඳහා රජය පියවර ගන්නා බවය.

සහල් ආනයනය කිරීම සඳහා ලබාදී තිබු කාලය ඊයේ දින (10) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වුණි.

ඒ අනුව ඊයේ මධ්‍යම රාත්‍රිය වනවිට ආනයනය කර රේගුවෙන් නිශ්කාෂනය කර ඇති සමස්ත සහල් ප්‍රමානය මෙට්‍රික් ටොන් 167,000 ඉක්මවන බව ශ්‍රී ලංකා රේගුව පවසයි. මෙම තොගය අතර කැකුළු සහල් ටොන් 66,000ක් හා තැම්බූ සහල් ටොන් 101,000ක් පවතියි.

එමෙන්ම මෙරටට ආනයනය කර තවමත් නිෂ්කාශනය කිරීමට නෙැහැකි වූ සහල් මෙට්‍රක් ටොන් 8,000ක ප්‍රමාණයක් පවතින බවද රේගුව සඳහන් කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com