අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නව අධ්‍යක්ෂ ජනරල්වරයා ලෙස මහාධිකරණ විනිසුරු ගරු රංග දිසානායක මහතා පත් කර තිබෙනවා.
මෙම පත් කිරීම සිදු කර ඇත්තේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසිනි.
මීට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේදී අද (10) පෙරවරුවේ පිරිනමනු ලැබුවා.