අමෙ­රි­කාවෙන් ළමා සෙබ­ළුන් භාවිත කරන රට­වල් 17ක ලයි­ස්තුවක්

0
අමෙ­රි­කාවෙන් ළමා සෙබ­ළුන් භාවිත කරන රට­වල් 17ක ලයි­ස්තුවක්

අමෙ­රි­කාවෙන් ළමා සෙබ­ළුන් භාවිත කරන රට­වල් 17ක ලයි­ස්තුවක්

අමෙ­රි­කානු රජය විසින් ළමා සෙබ­ළුන් සඳහා අනු­බල දෙන බවට රට­වල් 17ක් ලැයි­ස්තු­ගත කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ළමා සෙබ­ළුන් බඳවා ගැනීම ජාත්‍ය­න්තර මිනිස් ජාවා­ර­මට සම්බන්ධ තවත් එක් ක්‍රියා­ව­ලි­යක් බවට අනා­ව­ර­ණය වී ඇති අතර, පසු­ගිය වස­රේදී නිකුත් කර ඇති මිනිස් ජාවා­රම් වාර්තාව පද­නම් කර­ගනිමින් එම රට­වල් නම් කර ඇතැයිද විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

ඇෆ්ග­නි­ස්තා­නය, මිය­න්මා­රය, කැම­රොන්, මධ්‍යම අප්‍රි­කානු ජන­ර­ජය, කොංගෝ ජන­ර­ජය, ඉරා­නය, ලිබි­යාව, මාලි දූපත් රාජ්‍යය, රුසි­යාව, රුව­න්ඩාව, සෝමා­ලි­යාව, දකුණු සුඩා­නය, සුඩා­නය, සිරි­යාව, තුර්කිය, වෙනි­සි­යු­ලාව සහ යේම­නය එම ලැයි­ස්තු­වට ඇතු­ළත් රට­වල් බවද විදෙස් මාධ්‍ය සඳ­හන් කළේය.

වාර්ෂි­කව එම ලැයි­ස්තුව නිකුත් කරනු ලබන්නේ අමෙ­රි­කාවේ ළමා සෙබ­ළුන් වැළැ­ක්වී­මේ පනතේ අව­ශ්‍ය­තාව අනුව බවත්, විදෙස් රට­වල රජයේ හමුදා, පොලී­සිය හෝ වෙනත් ආර­ක්ෂක හමුදා මෙන්ම රජයේ අනු­ග්‍රහය ලබන ආයුධ සන්නද්ධ කණ්ඩා­යම් සඳහා ළමා සෙබ­ළුන් බඳවා ගැනීම සම්බ­න්ධව ජාත්‍ය­න්තර සංවි­ධාන හා එක්සත් ජාතීන්ගේ නියෝ­ජි­ත­යන් විසින් ලබා­දෙන සංඛ්‍යා­ලේ­ඛන හා දත්ත­ව­ලට අනුව එම ලැයි­ස්තුව සකස් වන බවද වාර්තා වේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com