රජයට අයත් යකඩ කිලෝ 1083ක් විකුණමින් සිටි රාජ්‍ය සේවකයන් 3 දෙනෙක් අත්අඩංගුවට

0
රජයට අයත් යකඩ කිලෝ 1083ක් විකුණමින් සිටි රාජ්‍ය සේවකයන් 3ක් අත්අඩංගුවට

රජයට අයත් යකඩ කිලෝ 1083ක් විකුණමින් සිටි රාජ්‍ය සේවකයන් 3ක් අත්අඩංගුවට

රජයට අයත් යකඩ කිලෝ 1083ක් විකුණමින් සිටී රාජ්‍ය නිර්මාණ සංවර්ධන නීතිගත සංස්ථාවේ සේවකයින් තිදෙනෙකු සහ මිළදී ගත් පුද්ගලයා අත්අඩංගුවට ගත්බව පානදුර උතුර පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ එම සංස්ථාවට අයත් භූම් ට්‍රක් රථයක රියදුරෙකු, සේවකයින් දෙදෙනකු සහ ගොරකපොල පරණ යකඩ මිළදී ගන්නා මධ්‍යස්ථානයක හිමිකරුය.

පසුගිය කාලසීමාවේ මතුගම පැලවත්ත මාර්ගයේ කළුපහන ප්‍රදේශයේ පාලමක් ඉදිකර එය අසාර්ථක ව්‍යාපෘතියක්ව පාලම ගලවා කොළඹට යකඩ ප්‍රවාහනය ආරම්භ කර තිබේ.

එහි රැගෙන ආ ටොන් ගණනාවක යකඩ නැවත කොළඹ මුලස්ථානයට රැගෙන යමින් සිටියදී අලෙවි කරමින් සිටියදී වැටලීම කර තිබේ.

ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සංජීව ලක්මාල් මහතාට ලද තොරතුරක් මත වටලා රියදුරු, සේවකයින් දෙදෙනෙකු සහ යකඩ මිළදී ගත් පුද්ගලයා අත්අඩංගුවට ගෙන භූම් ට්‍රක් රථය සහ යකඩ කිලෝ 1083ක් පොලිස් භාරයට ගෙන තිබේ.

සැකකරුවන් පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com