විදේශීය රටක නිෂ්පාදිත කෘමි නාශක තොගයක් සමඟ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට
![විදේශීය රටක නිෂ්පාදිත කෘමි නාශක තොගයක් සමඟ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට](https://srihanda.lk/wp-content/uploads/2025/01/වැටලීම.jpg)
විදේශීය රටක නිෂ්පාදිත කෘමි නාශක තොගයක් සමඟ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට
යුද්ධ හමුදා බුද්ධි අංශයට ලද තොරතුරුක් මත පොලිස් විශේෂ කාර්ය බලකාය සමග එක්ව සිදු කළ වැටලීමකදී, විදේශීය රටක නිෂ්පාදිත මිලියන 50ක් පමණ වටිනා කෘමි නාශක තොගයක් ඊයේ දිනයේ (03) අත්අඩංගුවට ගෙන ඇත.
ඒ යාපනේ වේලනේ හතරවන කොටසේ දීය.
මේ සමඟ සැකකරුවන් තිදෙනෙකුද අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගන්නා ලද කෘමි නාශක අතර, Anucron – බෝතල් 2900, Leokem – බෝතල් 2248, Rocket – පැකට් 29175, Prison – පැකට් 29109 අන්තර්ගත වෙයි.