වකුගඩු රෝගී දීමනාව රු.10,000 දක්වා වැඩි කෙරේ

වකුගඩු රෝගී දීමනාව රු.10,000 දක්වා වැඩි කරයි
වකුගඩු රෝගීන් සඳහා ලබා දෙන දීමනාව රුපියල් 10,000ක් දක්වා වැඩි කිරීමට තීරණය කර තිබේ.
ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය සඳහන් කළේ, මීට පෙර එම දීමනාව රුපියල් 7,500ක් ලෙස පැවති බවයි.
මෙවර අයවැයෙන් යෝජනා කර ඇති එම සහනාධාරය කිසිසේත් කප්පාදු නොකරන බව එම අමාත්‍යංශය සඳහන් කළේය.
වාර්තා වී ඇති තොරතුරු අනුව මෙරට සිටින වකුගඩු රෝගීන් සංඛ්‍යාව 47,244කි.