මේ දවස්වල ළමයින් ගැන වැඩි අවධානයක් දෙන්න – ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා

0
මේ දවස්වල ළමයින් ගැන වැඩි අවධානයක් දෙන්න - ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා

මේ දවස්වල ළමයින් ගැන වැඩි අවධානයක් දෙන්න - ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා

මේ දිනවල දරුවන් අතර වෛරස් උණ තත්ත්වයන් කිහිපයක් පැතිරෙන බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසනවා.

වෛද්‍යවරයා පෙන්වාදෙන්නේ, පාසල් නිවාඩුව ක්‍රියාත්මක වන බැවින් දරුවන් විනෝද චාරිකා, කෙළි සෙල්ලම් කටයුතුවල වැඩි වශයෙන් නිරතව සිටීම හේතුවෙන් විෂබීජ සහ වෛරස තත්ත්වයන්ට නිරාවරණය වීම මීට හේතුව බවයි.

ඉන්ෆ්ලුවන්සා A හා B රෝගී තත්ත්වය, පාචනය, අධික සෙම්ප්‍රතිශ්‍යාව, ශරීරයේ රතු ලප, කෙටි උණ මෙන්ම දිගු කාලීන කැස්සද මෙම වෛරස තත්ත්වයන්ද වෛරස ආසාදනය වූ දරුවන්ගේ රෝග ලක්ෂණ බවයි පැවසෙන්නේ.

නමුත් මෙම රෝගී තත්ත්වය වෛරසයක් බැවින් ප්‍රතිජීවක ඖෂධ ලබාදීමේ අවශ්‍යතාවක් නොමැති බවත්, පැරසිටමෝල් පමණක් නියමිත මාත්‍රාවට ලබා දීම සහ විවේකය මෙම රෝගය සුව කිරීමට අත්‍යවශ්‍ය වන බවත් විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි.

ඇතැම් දරුවන්ට රෝගී තත්ත්වය සුව වීමෙන් පසුව හිසරදය හෝ කැස්ස පැවතිය හැකි බැවින් ඒ සඳහා අවශ්‍ය වෛද්‍ය උපදෙස් වෙත යොමු වන ලෙසටද ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයා දෙමාපියන්ගෙන් ඉල්ලා සිටින අතර කිසිදු ලෙසකින් මෙම වෛරස තත්ත්වයන් වැළඳුණු දරුවන් ස්නානය කරවීමේ බියක් ඇතිකර නොගත යුතු බවත්, මඳ රස්නය ඇති උණු වතුරින් ශරීරය තෙත මාත්තු කිරීමෙන් උණ රෝගය අඩු කරගත හැකි බවත් වෛද්‍යවරයා වැඩිදුරටත් කියා සිටියි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com