ජනාධිපති අරමුදලේ කාර්යාලය අලුත් තැනකට
ජනාධිපති අරමුදලට ලැබෙන ඉල්ලීම් වේගයෙන් ඉහළට
ජනාධිපති අරමුදලේ කාර්යාලය ලබන ජනවාරි 01වැනිදා සිට නව ස්ථානයක ස්ථාපිත කරන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
ඒ අනුව, ජනාධිපති අරමුදලේ නව කාර්යාලය කොළඹ 01, ජනාධිපති මාවතේ, ජනාධිපති මන්දිරය ඉදිරිපිට පිහිටා ඇති ස්ටෑන්ඩඩ් චාර්ටඩ් ගොඩනැගිල්ලේ බිම් මහලේ ස්ථාපිත කරනු ඇති.
මේ වන විට ජනාධිපති අරමුදල කාර්යාලය පිහිටා ඇත්තේ ලේක්හවුස් ආයතන පරිශ්‍රයේයි.




