සිංහරාජ වනාන්තරයේ ඖෂධ පැළ සොරකම් කළ විදෙස් ජාතිකයෙක් අත්අඩංගුවට

0
සිංහරාජ වනාන්තරයේ ඖෂධ පැළ සොරකම් කළ විදෙස් ජාතිකයෙක් අත්අඩංගුවට

සිංහරාජ වනාන්තරයේ ඖෂධ පැළ සොරකම් කළ විදෙස් ජාතිකයෙක් අත්අඩංගුවට

සිංහරාජ වනාන්තරයේ කලවාන කුඩව පිවිසුම තුළ දුර්ලභ ඝනයේ දේශීය ඖෂධ පෑලෑටි එකතු කර රැගෙන යාම සදහා ළග තබාගෙන සිටි ජපන් ජාතිකයකු ඊයේ දිනයේදි (21) අත්අඩංගුවට ගත් බව කලවාන අඩවි වන කාර්යාලය පැවසිය.

අත්අඩංගුවට ගත් සැකකාර ජපන් ජාතිකයා කොබයාසි යෝසුකි නැමැති 44 හැවිරිදි පුද්ගලයකු බව කලවාන අඩවි වන කාර්යාලය පැවසීය.

සිංහරාජ වනාන්තරය ආශ්‍රීත හෝටලයක දින තුනක් නවාතැන් ගෙන මෙලෙස මෙම ජපන් ජාතිකයා සිංහරාජය වනාන්තරයේ ඇති දුර්ලභ ඖෂධ පෑලෑටි එකතු කර පසුව ඒවා ඇසුරුම් කර බෑග් වල සගවා ඔහු එම හෝටලයෙන් පිටත්ව යාමට කුඩව බස් නැවතුම්පොළහි රැදී සිටියදි ලද තොරතුරක් අනුව මෙලෙස අත්අඩංගුවට ගත් බව කලවාන අඩවි වන කාර්යාලය පැවසිය.

මෙම පැලෑටි අතර එක් පෑලෑටියක් අති විලයන් නැමති ඖෂධ පෑලෑටි බවට සැක කරන අතර ඉතිරි ඖෂධ පෑලෑටි පරීක්ෂා කිරිම සදහා පේරාදෙණිය උද්ධිත උද්‍යානයේ පරීක්ෂණ අංශය සදහා යොමු කර වාර්තාවක් ලබා ගැනිමට නියමිත බව කලවාන අඩවි වන කාර්යාලය පැවසිය.

සැකකාර ජපන් ජාතිකයාගෙන් කල ප්‍රශ්න කිරීම් වලදී ප්‍රකාශ කර ඇත්තේ, තමන් රෝගී තත්ත්වයන් රැසකට ඖෂධ ලබා ගන්නා බවත් ලංකාවේ දේශීය වෛද්‍ය ක්‍රමය ගැන සොයා බලා මෙහි පැමිණි බවය.

අත්අඩංගුවට ගත් සැකකාර ජපන් ජාතිකයා ඊයේ (21) කලවාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව ජනවාරි මස 03 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කලවාන වැඩ බලන මහේස්ත්‍රාත් තනූජ තිලකරත්න මහතා විසින් නියෝග කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com