දින 10ක කාලය තුළ දිවයින පුරා සහල් වැටලීම් 578ක්

0
කිරී සම්බා සගවා තබාගත් වෙළෙන්දෙකු පිටකොටුවෙන්

කිරී සම්බා සගවා තබාගත් වෙළෙන්දෙකු පිටකොටුවෙන්

පසුගිය දින 10ක කාලය තුළ දිවයින පුරා සහල් වැටලීම් 578ක් සිදුකර ඇති බව පාරිභෝගික අධිකාරිය පවසයි.

එහි වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් තිලකරත්න බණ්ඩා මහතා පැවසුවේ ඇතැම් ස්ථාන කිහිපයක වැඩි මිලට සහල් අලෙවි කිරීම සම්බන්ධව ලද පැමිණිලි අනුව දිස්ත්‍රික් මට්ටමින් නිලධාරීන් යොදවා වැටලීම් සිදුකළ බවය.

එමෙන්ම පසුගිය දිනවල වෙළෙඳපොළ තුළ සහල් ඌනතා මට්ටමක් පැවැතියද මේ වන විට එම ඌනතාව සඳහා පිළියම් යොදමින් පවතින බැවින් මේ වන විට වෙළෙඳපොළ තුළ සහල් සුලභතාවය ක්‍රමානුකූලව වැඩිවන බව නිරීක්ෂණය වී ඇතැයිද ඔහු පවසයි.

ඔහු පැවසුවේ සහල් ආනයනය දීර්ඝ කර ඇති බැවින් උත්සව සමයේදී වෙළෙඳපොළ තුළ සහල් හිඟතාවයකින් තොරව සැපයීමට හැකියාව ලැබෙනු ඇති බවය.

මේ අතර උත්සව සමයේ සිදුකරනු ලබන වැටලීම් සංඛ්‍යාව වැඩි කිරීමට තීරණය කර ඇති බවත් මේ අනුව තොග සහ සිල්ලර වෙළඳාම් සම්බන්ධවද වැටලීම් සිදුකරන බවත් ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com