වෛද්‍යවරුන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස වෙනස් කිරීමට කැබිනට් අනුමැතිය

0
වෛද්‍යවරුන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස වෙනස් කිරීමට කැබිනට් අනුමැතිය

වෛද්‍යවරුන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස වෙනස් කිරීමට කැබිනට් අනුමැතිය

රජයේ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.එය විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග්‍රහය අනුව සංශෝධනය කිරීමට නියමිතය.

එම තීරණය හේතුවෙන් මේ වසරේ දෙසැම්බර් මස 31 වනදා වනවිට විශ්‍රාම යෑමට නියමිතව සිටි අයට අවුරුදු 63 දක්වා සේවය කිරීමට අවස්ථාව හිමිවේ.

ඒ අනුව විශේෂඥ වෛද්‍යවරු, සියලුම ශ්‍රේණි වෛද්‍ය නිලධාරීන්, විශේෂඥ දන්ත ශල්‍ය වෛද්‍ය නිලධාරීන්, සියලුම දන්ත ශල්‍ය වෛද්‍ය නිලධාරීන්, සියලුම පරිපාලන ශ්‍රේණී වෛද්‍ය නිලධාරීන් හා රජයේ ලියාපදිංචි සියලුම වෛද්‍ය නිලධාරීන්ගේ අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 63 දක්වා දිර්ඝ කෙරේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com