ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ජනතාවට දැනුම්දීමක්

0
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ජනතාවට දැනුම්දීමක්

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ජනතාවට දැනුම්දීමක්

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ උසස් නිලධාරීන්ගේ ඡායාරූප භාවිත කරමින් වට්සැප් සබැදි නිර්මාණය කරමින් ඊශ්‍රායලයේ රැකියා ලබා දෙන බව පවසා දිවයිනේ විවිධ පුද්ගලයිනගෙන් මුදල් වංචාවන් කිරීමේ ජාවාරමක් පිළිබඳව කාර්යාංශයට තොරතුරු අනාවරණය වී තිබෙනවා.

කාර්යාංශයේ නිල ෆේස්බුක් පිටුවේ පල කරන ඡායාරූප අවභාවිත කරමින් මෙම මූල්‍ය වංචාවල නිරත වන බවට පුද්ගලයින් කිහිපදෙනෙකු “සභාපතිට කියන්න” වැඩසටහන සඳහා පැමිණිල්ල ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස වංචනික ක්‍රියාවල නිරත වන බවට තොරතුරු ලැබී ඇති අතර මෙය මුලුමනින්ම වංචාවක් බවට කාර්යාංශය සඳහන් කරනවා.

මෙවැනි වංචාකරුවන්ට හසු නොවන ලෙස විදේශ රැකියා අපේක්ෂාවෙන් සිටින්නන්ගෙන් කාර්යාංශය දැඩිව ඉල්ලා සිටින අතර මෙම වංචාකරුවන් හා කාර්යාංශය අතර කිසිදු සම්බන්ධතාවයක් නොමැති බවද අවධාරණය කරනවා.

මෙවැනි වංචනික කටයුතු පිළිබද තොරතුරු 24 පැයේ ක්‍රියාත්මක කාර්යාංශයේ 1989 දුරකථන අංකයට හෝ 071 7593593 යන වට්සැප් අංකයට තොරතුරු ලබා දෙන ලෙසයි කාර්යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com